Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පැය 24ක කාලයේ ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් ගාසා තීරයේ ඝාතනය වූ සංඛ්‍යාව 700 ක් පමන වේ

පැය 24ක කාලයේ ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් ගාසා තීරයේ 700ක් මැරිලා

පැය 24ක කාලයේ ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් ගාසා තීරයේ 700ක් මැරිලා

සටන් විරාමය අවසන් වීමෙන් පසු, ඊශ්‍රායල හමුදාව දිගට හරහට යළිත් වරක් ගාසා තීරයට පහර දෙයි. ගතවුණු පැය 24ක කාලයේ ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන් ගණන 700 කට වැඩි යැයි පැවැසෙයි.

ඊශ්‍රායලය දිගින් දිගටම පහර දෙන්නේ නම්, තම ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් මුදා හරින්නේ නැති බව ගාසා තීරයේ හමාස් සංවිධානය පවසා තිබේ. මේ වනවිට ගාසා නගරයේ ඊශ්‍රායල හමුදා සෙබළුන් සහ පලස්තීන වැසියන් අතරේද ගැටුම් පවතින බව වාර්තා වේ.

ගාසා තීරයේ සිටින විදේශිකයන් ගණන 600කි. ගැටුම් උත්සන්න වෙද්දී, ඔවුන් ගාසා තීරයෙන් ගෙන්වා ගැනීමට ඔවුන්ගේ රටවල් කටයුතු කර ඇතැයිද පැවැසෙයි. මෙම වැසියන් බොහෝ දෙනා මානුෂීය ආධාර ලබා දීමට ගාසා තීරයට ගොස් සිටින පිරිස් බවද පැවැසෙයි.

Exit mobile version