Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාව ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශේෂ ප්‍රකාශයක්

ණය දෙන රටවල් සමඟ ශ්‍රී ලංකාවේ ණය ගණු දෙනුව, පළමු සමාලෝචනය අවසන් කිරීමට උපකාරී වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබන මාසයේ සිදු කරන පළමු සමාලෝචනය අවසන් කිරීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ණය දෙන රටවල් සමඟ ශ්‍රී ලංකාවේ ඇති ප්‍රතිපත්තිමය ගිවිසුම ඉවහල් වනු ඇත.

චීනයේ අපනයන ආනයන බැංකුව සමඟ ඇමෙරිකා ඩොලර් බිලියන 4.2 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ඇති කරගත් ගිවිසුමෙන් මාසයකට පමණ පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම එකඟතාවට පැමිණ තිබේ.

මෙම සමාලෝචනය අවසන් කිරීමෙන් පසු ඇමෙරිකානු ඩොලර් මිලියන 334 ක පමණ අරමුදල්, එනම් මූල්‍ය අරමුදලේ දෙවනි වාරිකය ලැබෙනු ඇත.

පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත වාර්තාගත ලෙස පහත වැටීමෙන් පසු දශක 07 ක් තුළ සිදු වු දැඩි මූල්‍යමය අර්බුදයකට මුහුණ දුන්නේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුදල් ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ලෝක බැංකුවෙන් තවදුරටත් මුදල් ලබාගත හැකිවේ.

Exit mobile version