Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ සිව්වන අදියර යටතේ නිවාස 10,000ක් ඉදිකිරීම සඳහා ගිවිසුම් ද්විත්වයක්

ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ සිව්වන අදියර යටතේ නිවාස 10,000ක් ඉදිකිරීම සඳහා ගිවිසුම් ද්විත්වයක්

ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ සිව්වන අදියර යටතේ නිවාස 10,000ක් ඉදිකිරීම සඳහා ගිවිසුම් ද්විත්වයක්

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය යටතේ ක්‍රියාත්මක ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ සිව්වන අදියර යටතේ වතුකර ප්‍රදේශවල නිවාස 10,000ක් ඉදිකිරීම සඳහා ඉතා වැදගත් ගිවිසුම් ද්විත්වයක් (28)වැනි දා අත්සන් තබන ලදී.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන නියෝජිතායතන දෙක එනම් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සමඟ වෙන වෙනම අත්සන් තැබුණු මෙම ගිවිසුම් ද්විත්වයේ අරමුණ වන්නේ නිවාස 10,000 ඉදිකිරීම ඇරඹීම කඩිනම් කිරීමයි.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංවර්ධන සහයෝගිතා අංශයේ උපදේශක සහ ප්‍රධානී එල්ඩෝස් මැතිව් පුන්නූස්, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති රත්නසිරි කළුපහන සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරි කංකානම්ලාගේ අජන්ත ජානක යන මහත්වරුන් විසින් මෙම ගිවිසුම් දෙකට අත්සන් තබන ලදී.

ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ සිව්වන අදියර ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 11ක් සහ පළාත් 6ක් පුරා ව්‍යාප්තව පවතී. ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය යටතේ ඉන්දියානු රජය විසින් ඉදි කරනු ලබන නිවාස සංඛ්‍යාව 60,000 කි. පළමු අදියර දෙක යටතේ උතුරු සහ නැගෙනහිර පළාත්වල නිවාස 46,000ක් ඉදිකර අවසන් අතර තෙවන අදියර යටතේ වතුකර ප්‍රදේශවල නිවාස 4000ක ඉදිකිරීම් කටයුතු අවසාන වෙමින් පවතී.

ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාවේ ජනතා කේන්ද්‍රීය සංවර්ධන සහයෝගිතාවයේ ප්‍රමුඛතම අවධානයක් නිවාස ක්ෂේත්‍රයට යොමු වේ. ඉන්දියානු නිවාස ව්‍යාපෘතියට අමතරව තවත් නිවාස 2400ක් විවිධ නිවාස ව්‍යාපෘතීන් යටතේ ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 පුරා ඉදිවෙමින් පවතී. ඉන්දියාවේ සංවර්ධන සහයෝගිතා කළඹ ඇමරිකානු ඩොලර් බිලියන 5ක් පමණ වන අතර එයින් ඇමරිකානු ඩොලර් මිලියන 600ක් පමණ ප්‍රදාන වේ.

Exit mobile version