Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොලිස් සේවයේ පුරප්පාඩු 20,000ක් – මහජන ආරක්ෂක අමාත්‍යංශය

පොලිස් සේවයේ පුරප්පාඩු 20,000ක් පමණ පවතින බව, මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

ලබන වසරේදී පුරප්පාඩු සඳහා නව නිලධාරීන් 5,000 ක් පමණ බඳවා ගන්නා බවත්, ඒ සඳහා ලබන වසරේ මුල් භාගයේදී ඊට අදාළ කටයුතු ආරම්භ කරන බවට අමාත්‍ය ටිරාන් අලස් මහතා සඳහන් කර ඇත.

මේ අතර, නව පොලිස්පතිවරයා පත් කරගැනීමට අදාළව අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.

ඒ, ජනාධිපතිවරයාගේ සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.

ඒ අනූව, අද දිනයේ පොලිස්පති ධුරය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

Exit mobile version