Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මැතිවරණයකට බිලියන 10ක්

මැතිවරණයකට බිලියන 10ක්

මැතිවරණයකට බිලියන 10ක්

ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන්කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

එය අයවැය යෝජනාවල ඉදිරිපත් නොකළද අයවැය ඇස්තමේන්තු සඳහා ඇතුළත් කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට ලබාදෙන විස්තීරණ ණය පහසුකමේ දෙවන වාරිකය නිදහස් කිරීම සම්බන්ධව සාකච්ඡා කිරීමට එහි විධායක කමිටුව දෙසැම්බර් 06 වැනිදා රැස්වන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේය.

(21) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් රංජිත් සියඹලාපිටිය මහතා ‍මෙි බව පැවසිය.

Exit mobile version