Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නොමග යවන සුළු දුරකථන ඇමතුම්වලට හසු නොවන්න – පොලිසිය

පැය 24ක කාලය තුළ 'යුක්තිය' විශේෂ මෙහෙයුමේ දී 2121 දෙනෙකු අත්අඩංගුවට

පැය 24ක කාලය තුළ 'යුක්තිය' විශේෂ මෙහෙයුමේ දී 2121 දෙනෙකු අත්අඩංගුවට

නොමග යවන සුළු දුරකථන ඇමතුම්වලට හසු නොවන ලෙස පොලිසිය මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර සිටියි.

පසුගිය කාලය තුළදී වංචනික පුද්ගලයින් විසින් විවිධ පුද්ගලයන්ගේ ජංගම දුරකථනවලට ඔවුන් කලබලයට පත්වන ආකාරයට ව්‍යාජ ඇමතුම් ලබා දෙමින් මුදල් ඉපැයීමේ ඡාවාරම්වල නිරතව සිටින බවට වාර්තා වී ඇත. මෙවැනි ඇමතුම් සම්බන්ධයෙන් තොරතුරු පොලිසියට ලබා දෙන ලෙසද ඉල්ලීමක් කෙරේ.

ඇතැමුන් මෙම ව්‍යාජ ඇමතුම්වලට රැවටී ඇමතුම් ලබාදෙන පුද්ගලයින් විසින් පවසා සිටින බැංකු ගිණුම් වෙත කිසිදු සොයා බැලීමකින් තොරව ක්ෂ්ණිකව විවිධ වටිනාකම්වලින් යුතු මුදල් තැන්පත් කළ අවස්ථාද වාර්තා වී ඇතැයි පොලිසිය සදහන් කරයි.

Exit mobile version