Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

චීනයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට ප්‍රදානයක්

චීනයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට ප්‍රදානයක්

චීනයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට ප්‍රදානයක්

මහජන චීන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට ලබාදුන් රනොමොටෝ (RANOMOTO) වර්ගයේ යතුරු පැදි 26ක් සහ LENOVO වර්ගයේ ඩෙස්ක්ටොප් පරිගණක 100ක් නිල වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීම(10) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ සම්බන්ධීකරණයෙන් පොලිස්පති සී ඩී. වික්‍රමරත්න මහතා විසින් ශ්‍රී ලංකාවේ වීන තානාපති Qi Zhenhong මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු පහසු කර ගැනීම වෙනුවෙන් මෙම ප්‍රදානය සිදු කර තිබේ.

ඊට අදාළ ලිපි ලේඛන චීන තානාපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදුන් අතර චීන තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) නිලන්ත ජයවර්ධන යන මහත්වරු ඇතුළු පොලිස් දෙපර්තමේත්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Exit mobile version