Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහ බැංකු වංචාවේ දස දෙනා මුදාහල තීන්දුවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු නියෝගයක්

කොළඹ සහ කොළොන්නාව නගර සභා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

කොළඹ සහ කොළොන්නාව නගර සභා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඇතුළු දසදෙනකු මුදාහරිමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ලබාදුන් නියෝගය අත් හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය.

තවද ඒ සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුවද අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය තවත් අතුරු නියෝගයක් නිකුත් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ නීතිපතිවරයා ගොනු කොට කොට තිබූ විශේෂ අභියාචන පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙමිනි.

මෙම විශේෂ අභියාචනය පෙත්සම මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන, දිලිප් නවාස්, ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් සලකා බැලිණි.

නීතිපති වෙනුවෙන් ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා පෙනී සිටියේය.

Exit mobile version