Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බංග්ලාදේශ අගමැතිනි Sheikh Hasinaට ඉල්ලා අස්වන ලෙස බලකරමින් විරෝධතා

බංග්ලාදේශ අගමැතිනි Sheikh Hasinaට ඉල්ලා අස්වන ලෙස බලකරමින් විරෝධතා

බංග්ලාදේශ අගමැතිනි Sheikh Hasinaට ඉල්ලා අස්වන ලෙස බලකරමින් විරෝධතා

බංග්ලාදේශයේ අගමැති Sheikh Hasinaට ඉල්ලා අස්වන ලෙස බල කරමින් ලක්ෂයකට අධික ජනතාවක් විරෝධතාවයක නිරත වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

විරෝධතාකරුවන් පවසන්නේ නිදහස් හා සාධාරණ ඡන්දයකට ඉඩදීම සඳහා අගමැති Sheikh Hasina ඉල්ලා අස්විය යුතු බවයි.

එරට ප්‍රධාන විරුද්ධ පක්ෂ දෙකක වන බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) සහ විශාලතම ඉස්ලාමීය පක්ෂය වන ජමාත්-ඊ-ඉස්ලාමි පක්ෂයේ ආධාරකරුවන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ඩකා නුවරට රැස්ව මෙලෙස විරෝධතාවයේ නිරත වන බව සඳහන්.

වත්මන් අගමැතිනිය වසර 15ක් බලයේ සිටින බවත් ඇයගේ රජයට දූෂණ හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

කෙසේ වෙතත් ප්‍රචණ්ඩත්වය වැලැක්වීම සඳහා අවම වශයෙන් පොලිසිය 10,000 ක් යොදවා ඇති අතර විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කර ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන්නේ.

Exit mobile version