Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලෝක යොවුන් චෙස් ශූරතා තරගාවලියේ රන් පදක්කම ඔසිනි දේවින්ද්‍යාට

ලෝක යොවුන් චෙස් ශූරතා තරගාවලියේ රන් පදක්කම ඔසිනි දේවින්ද්‍යාට

ලෝක යොවුන් චෙස් ශූරතා තරගාවලියේ රන් පදක්කම ඔසිනි දේවින්ද්‍යාට

ඊජිප්තුවේ පැවති ලෝක යොවුන් චෙස් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පළමු වරට රන් පදක්කමක් දිනා දුන් ක්‍රීඩිකා ඔසිනි දේවින්ද්‍යා ගුණවර්ධන සිසුවිය (28)වැනි දා උදෑසන කටුනායක ගුවන් තොටුපොළින් මෙරටට පැමිණ තිබෙනවා.

මෙම තරගාවලියට රටවල් 75ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් ඉකුත් 14 දින සිට 27 දින දක්වා පැවැත්විය.

ඔසිනි දේවින්ද්‍යා ගුණවර්ධන කොළඹ මිචෙලි ජාත්‍යන්තර පාසැලේ 06 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ජාත්‍යන්තර චෙස් තරගාවලියක දී රන් පදක්කමක් දිනා ගැනීමට හැකි වූ පළමු අවස්ථාව මෙයයි.

ඇය පිළිගැනීම සදහා ශ්‍රී ලංකා චෙස් සංගමයේ සභාපති ලක්ෂ්මන් විජේසූරිය මහතා ඇතුළු එම සංගමයේ නිලධාරීන් පිරිසක්, ඔසිනි දේවින්ද්‍යා ඉගෙනුම ලබන පාසැලේ විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ගුරු භවතුන් සහ ඇයගේ ඥාතීන් පිරිසක්ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.

Exit mobile version