Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදේශගත ශ්‍රමිකයන්ට රජයෙන් දුන් විදුලි මෝටර් රථ ගෙන්වීමේ වාසිය අවභාවිතා කරලා

විදේශගත ශ්‍රමිකයන්ට රජයෙන් දුන් විදුලි මෝටර් රථ ගෙන්වීමේ වාසිය අවභාවිතා කරලා

විදේශගත ශ්‍රමිකයන්ට රජයෙන් දුන් විදුලි මෝටර් රථ ගෙන්වීමේ වාසිය අවභාවිතා කරලා

විදේශගත ශ්‍රමිකයන් සඳහා විදුලි මෝටර් රථ ගෙන්වීමට ලබා දී ඇති අවස්ථාව අවභාවිතා කරමින් එක් ආයතනයක් විසින් මෝටර් රථ 75ක් ගෙන්වා ඇති බවට අනාවරණය වී තිබෙනවා.

විදේශ රැකියා අමාත්‍යාංශය විසින්, විදේශගත ශ්‍රමිකයන්ට මෙම පහසුකම ලබා දුන්නේ විදේශ ප්‍රේෂණ මෙරටට එවීම දිරිමත් කිරීමේ අරමුණින්.

එලෙස රජය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිය මත බිලියන 1.2කට ආසන්න වටිනාකමකින් යුතු විදුලි මෝටර් රථ 119ක් ආනයනය කර ඇති බවත් ඉන් වාහන 75ක්ම එක් ආයතනයක් මගින් ආනයනය කීරීම මගින් මෙම ක්‍රියාවලිය අවභාවිත වී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම, මෙම වාහන ආනයනය කිරීමට පෙර එම බලපත්‍ර අලෙවි කිරීමට මෙම ජාවාරම්කරුවන් කටයුතු කරන බවත්, වාහන බලපත්‍රයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් 250,000ක් වන විට බලපත්‍රය අලෙවි කිරීම සඳහා රුපියල් මිලියන 5ක මුදලක් අය කරනු ලබන බවට ත් අනාවරණය වී ඇති බව සඳහන්.

ජාවාරම්කරුවන් මෙමගින් විශාල ආදායමක් උපයන අතර රජයට ලැබිය යුතු බදු ආදායමද ඉන් අහිමි වීමක් සිදු වනවා.

Exit mobile version