Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රජයේ විශේෂඥ වෛද්‍යවරුන් 60දී විශ්‍රාම ගැන්වීමට එරෙහි තහනම් නියෝගය දීර්ඝ කරයි

ව්‍යාජ වෛද්‍යවරුන් අත්අඩංගුවට ගන්න පොලීසියේ අවධානය

ව්‍යාජ වෛද්‍යවරුන් අත්අඩංගුවට ගන්න පොලීසියේ අවධානය

රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් වයස අවුරුදු 60දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට රජය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම්වල තීන්දුව නොවැම්බර් මස 17 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළේය.

රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් 176 දෙනෙකු ඇතුළු වෛද්‍යවරු පිරිසක් ගොනුකළ පෙත්සම් සලකාබැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය.

මෙම පෙත්සම් (20) කැඳවූ අවස්ථාවේදී ඊට අදාළ ලිඛිත දේශන ඇත්නම් ඒවා ගොනුකිරීමේ පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල විසින් පාර්ශවකරුවන්ට නියෝග කළේය.

ඉන් අනතුරුව අදාළ පෙත්සම්වල තීන්දුව නොවැම්බර් 17වනදා ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කළ විනිසුරු මඩුල්ල රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් වයස අවුරුදු 60දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය එදින තෙක් දීර්ඝ කරන බවත් නියෝග කළේය.

පෙත්සම්කාර විශේෂඥ වෛද්‍යවරුන් කියා සිටින්නේ තමන්ට වයස අවුරුදු 63 දක්වා සේවය කිරීමට අවකාශ පවතින බවයි.

එසේ තිබියදී තමන්ව වයස අවුරුදු 60දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණයෙන් අයැද සිටියේය.

Exit mobile version