Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හමාස් සටන්කාමීන්ට ආයුධ දුන්නේ උතුරු කොරියාව – ඇමෙරිකාවෙන් චොදනා.. ලෙබනන්‍ හිස්බුල්ලා සංවිධානයත් සම්බන්ධයි – ට්‍රම්ප්

හමාස් සටන්කාමීන්ට ආයුධ දුන්නේ උතුරු කොරියාව - ඇමෙරිකාව; හමාස් සටන්කාමීන්ට සහාය දක්වන්නේ හිස්බුල්ලා සංවිධානය - ට්‍රම්ප්

හමාස් සටන්කාමීන්ට ආයුධ දුන්නේ උතුරු කොරියාව - ඇමෙරිකාව; හමාස් සටන්කාමීන්ට සහාය දක්වන්නේ හිස්බුල්ලා සංවිධානය - ට්‍රම්ප්

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට පහර දීමට යොදා ගන්නේ උතුරු කොරියාවෙන් ඔවුන්ට ලැබුණු අවි ආයුධවලින් යැයි ඇමෙරිකාව චෝදනා කරයි.

ඇමෙරිකාව එල්ල කරන මෙම චෝදනා උතුරු කොරියාව තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

ඊශ්‍රායලයට එරෙහිව සටන් වදින හමාස් සටන්කාමීන් සහ උතුරු කොරියාව අතරේ සම්බන්ධයක් ඇතැයි පෙන්වන්න ඇමෙරිකාව උත්සාහ ගන්නවා. ඒත් එය සාර්ථක වෙන්නේ නැහැ.’යැයි උතුරු කොරියාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මේ අතර ඊශ්‍රායලයට පසුගිය 7 වැනිදා එල්ල වුණු හමාස් ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අදහස් පළ කර තිබේ.

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට සහාය දක්වන්නේත්, අවි ආයුධ සහ අවි පුහුණුව ලබා දෙන්නේත් ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයයි.
හිටපු ජනාධිපති ට්‍රම්ප් පැවැසුවේ හිස්බුල්ලා සංවිධානය ඉතාමත් බුද්ධිමත් ආකාරයට, හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට පහර දීමට මෙහෙය වූ බවය.

7 වැනිදා එල්ල වුණු එම ප්‍රහාරය වලක්වා ගැනීමට ඊශ්‍රායල මොසාඞ් බුද්ධි අංශය අපොහොසත් වීම, බුද්ධි අංශයේ දුර්වලතාවක් බව ට්‍රම්ප් පැහැදිලි කළේය. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුටද ට්‍රම්ප් දොස් නැගීමටද අමතක නොකළේය.

ට්‍රම්ප් ජනාධිපති ධුරය හොබවද්දී ඊශ්‍රායලට ඉතා සමීපව කටයුතු කළේය. ඊශ්‍රායලයත්, පලස්තීනයත් අයිතිය ඉල්ලන, ඊශ්‍රායලයේ ජෙරුසලම එරට අගනුවර ලෙස නිල වශයෙන් පිළිගත්තේද ජනාධිපති ට්‍රම්ප්ය.

පලස්තීනුවන් සහ ට්‍රම්ප් අතර විරසකයක් ඇති කිරීමට එය හේතුවක් විය.

‘මා ඇමෙරිකා ජනාධිපති ධුරය හොබවද්දී, සම්පූර්ණයෙන් ඊශ්‍රායලය වෙනුවෙන් පෙනී සිටියා. එහි ප්‍රතිඵලයක් විදියට ඇමෙරිකාව ආරක්ෂිත තැනක් වුණා. ඊශ්‍රායලය ආරක්ෂිත තැනක් වුණා.’ යනුවෙන් ද ට්‍රම්ප් පැවැසුවේය.

Exit mobile version