Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත නීත්‍යානුකූලව සභාගත වී නෑ – නීතිපති

නිශ්ශංක බන්දුල සම්බන්ධ පෙත්සම ලක්ෂ 20ක නඩු ගාස්තුවකට යටත්ව නිශ්ප්‍රභ කරයි

නිශ්ශංක බන්දුල සම්බන්ධ පෙත්සම ලක්ෂ 20ක නඩු ගාස්තුවකට යටත්ව නිශ්ප්‍රභ කරයි

FacebookTwitterWhatsAppLinkedInLineWeChat

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත නීත්‍යානුකූලව සභාගත වී නොමැති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින්පුල්ලේ මහතා මේ බව දැනුම් දුන්නේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් ගොනු කොට තිබූ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදීය.

මෙම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මෘර්දු ප්‍රනාන්දු සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරීන්පුල්ලේ මහතා කියා සිටියේ කෙටුම්පත නිසියාකාරයෙන් සභාගත කර නොමැති බව වැඩ බලන පාර්ලිමේන්තු මහලේකම්වරයා තමන්ට දැනුම් දී ඇති බවයි.

පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් මහතා කියා සිටියේ මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුලත් කර ඇති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වගන්තිය යටතේ ඕනෑම පුරවැසියකුට පෙත්සමක් ඉදිරිපත් කිරීමට අයිතියක් ඇති බවයි.

අදාල ලිපිය මෙම මස 19වෙනි දින ඉදිරිපත් කරන ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ළුදින පෙත්සම කැඳවන ලෙසද නියෝග කෙරිණි.

Exit mobile version