Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඇෆ්ගනිස්තානයේ භූකම්පනයෙන් මියගිය ගණන 2,000 ඉක්මවයි

ඇෆ්ගන් භූකම්පනයෙන් මියගිය ගණන 2,000 ඉක්මවයි

ඇෆ්ගන් භූකම්පනයෙන් මියගිය ගණන 2,000 ඉක්මවයි

ඇෆ්ගනිස්තානයේ ඇති වූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් පුද්ගලයින් 2,000කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි ඇෆ්ගනිස්තාන බලධාරීන් වාර්තා කර තිබේ.

බටහිර ඇෆ්ගනිස්තානයට රික්ටර් මාපකයේ ඒකක 6.3ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක බලපෑම් එල්ල වුණු අතර,
ඉන් නිවාස ඇතුළු ගොඩනැගිලි රැසක් විනාශ වී ඇත.

ඉන් වැඩිම හානිය සිදුව ඇති හෙරාත් නගරය තුළ වන අතර එහි තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වේ. රට තුළ සන්නිවේදන කටයුතු සියල්ල අඩපණ වී ඇති අතර මහාමාර්ගද අවහිර වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සුන්බුන් අතර විශාල පිරිසක් මේ වනවිටත් සිරවී සිටින බවත්, ඒ හේතුවෙන් මරණ ගණන තවදුරටත් ඉහළ යා හැකි බවට ඇෆ්ගන් මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කර ඇත්තේ, භූමිකම්පාවේ අපිකේන්ද්‍රය හෙරාත් නගරයට කිලෝමීටර 40ක් පමණ වයඹ දෙසින් පැවති බවය.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එම ප්‍රදේශය ආශ්‍රිතව තවත් පසු කම්පන දෙකක් ද ඇති වූ බවය.

දශක දෙකකට පසුව ඇෆ්ගනිස්තානයේ ඇති වූ ප්‍රබලම භූකම්පනය මෙය බවද වාර්තා වේ.

Exit mobile version