පලස්තීනය ඉලක්ක කරමින් ඊශ්‍රායලය එල්ලකළ ගුවන් ප්‍රහාර හේතුවෙන් පලස්තීනුවන් 100කට අධික ගණනක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.
ඊශ්‍රායලය එසේ ප්‍රහාර එල්ලකර ඇත්තේ (07) පලස්තීන තුවක්කුකරුවන් ඊශ්‍රායලයේ ප්‍රදේශ කිහිපයකට ඇතුළු වී සිදුකළ ප්‍රහාර සඳහා පිළිතුරු වශයෙනි.
පලස්තීන හමාස් ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායල ජාතිකයින් 40ක් පමණ මියගොස් ඇති අතර තුවාල ලැබූ ගණන 700කට අධිකය.
එසේම ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ ඊශ්‍රායල ජාතිකයින් පිරිසක්ව හමාස් සාමාජිකයින් විසින් පැහැරගෙන ගොස් ඇති බවයි.
මේ අතර පලස්තීනුවන් 161ක් මියගොස් ඇති බවත් තවත් 1000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.