ක්‍රිකට් සඳහා වූ ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගෙන තිබේ.
සිදත් වෙත්තමුණි, උපාලි ධර්මදාස සහ රකිත රාජපක්ෂ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් ඒ සඳහා පත්කර ඇත.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සංවර්ධනය, ස්වාධීනත්වය සහ විනිවිඳභාවය ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර සහ ජාතික ක්‍රිකට් කවුන්සිල අධීක්ෂණය, සන්නිවේදනය සහ සම්බන්ධීකරණය කිරීම එම කමිටුවේ මුලික කාර්යභාරය වේ.