Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදුලි ගාස්තු සංශෝධනය ඔක්තෝබර් මාසයේදී සිදුකිරීමට ඉල්ලීමක්

දකුණු ආසියාවේ ඉහළම විදුලි ගාස්තු ඇත්තේ ශ්‍රී ලංකාවේ - වෙරිටේ රිසර්ච්

දකුණු ආසියාවේ ඉහළම විදුලි ගාස්තු ඇත්තේ ශ්‍රී ලංකාවේ - වෙරිටේ රිසර්ච්

රට පුරා පැවති නියං කාලගුණ තත්ත්ව හේතුවෙන් තාප විදුලිය ලබාගැනීම සඳහා වැයවූ නිෂ්පාදන පිරිවැය ආවරණය කරගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය නැවත වරක් විදුලි ගාස්තු ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව ජනවාරි මාසයේ සිදුකිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය ඔක්තෝබර් මාසයේදී සිදුකිරීමට අවසර ඉල්ලා තිබේ.

ඒ අනුව විදුලි ගාස්තු නැවත වරක් ඉහළ දැමීමට අවසර ලබාදෙන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.

විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා මහතා සඳහන් කළේ, මෙම වසරේ අපේක්ෂිත ප්‍රමාණයෙන් ජල විදුලිය නිෂ්පාදනය කිරීමට නොහැකිවීම හේතුවෙන් විදුලි නිෂ්පාදනයට අතිරේක පිරිවැයක් දැරීමට සිදුවූ බවය.

මේ වසරේ ගිගාවොට් පැය 4,500 ක ජල විදුලි ධාරිතාවක් අපේක්ෂා කළ නමුත්, නිෂ්පාදනය කිරීමට හැකිවූයේ ගිගාවොට් පැය 3,750ක් පමණක් බව සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කරයි.

ඒ අනුව ගිගාවොට් පැය 750ක් අතිරේකව තාප බලාගාරවලින් ලබාගැනීමට සිදුවූ අතර ඒ සඳහා අතිරේක පිරිවැයක් දැරීමට සිදුවූ බවද සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පවතින තත්ත්වය හමුවේ විදුලි නිෂ්පාදනයට වැයවූ අතිරේක මුදල පියවා ගැනීම සඳහා මෙම ඉල්ලීම (27) දිනයේ මහජන උපයෝගීතා කොමිසම වෙත සිදුකර තිබුණි.

මේ සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමෙන් සිදු කළ විමසීමකදී එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, විදුලිබල මණ්ඩලයේ එම ඉල්ලීම සලකා බැලීමට නියමිත බවය.

Exit mobile version