Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අනවසර පදිංචිකරුවන් 100 කට මහල් නිවාස

අනවසර පදිංචිකරුවන් 100 කට මහල් නිවාස

අනවසර පදිංචිකරුවන් 100 කට මහල් නිවාස

කැලණිවැලි දුම්රිය මාර්ගයේ රක්ෂිත තුළ සීවලීපුර සිට කිරුළපන දක්වා කොටසේ පදිංචි අනවසර පදිංචිකරුවන් 100 කට මහල් නිවාස පිරිනමයි.

නාගරික සංවර්ධන අධිකාරිය ඉදිකළ මාලිගාවත්ත ලක්හිරු සෙවන සහ කාලිංග මාවතේ කොළොංතොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණවලින් මෙම නිවාස ලැබෙන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබුණු ණය මුදලකින් ඉදිකළ මෙම නිවසක වටිනාකම ලක්ෂ 120 ක් පමණ වන බවත් නිසි පහසුකම් සහිත නිවසක් නැති සැමට වටිනාකමක් සහිත දේපලක අයිතිය මෙහිදී ලැබෙන බවත් අමාත්‍යවරයා කීය.

කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීම සඳහා ඉඩකඩ ලබාගැනීමේදී දුම්රිය රක්ෂිතය තුළ පදිංචි අනවසර පදිංචි කරුවන්ගේ ආරක්ෂාව සඳහා එම ජනතාව ස්ථිර හිමිකම් සහිත මහල් නිවාස ප්‍රදාන කරමින් ඔවුන්ට නිවාස හිමිකම්පත් ප්‍රදානය කළේය.

Exit mobile version