Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය ඔක්තෝබර් මස 03වැනිදා සිට

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය ඔක්තෝබර් මස 03වැනිදා සිට

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය ඔක්තෝබර් මස 03වැනිදා සිට

ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය ස්ථාපිත කිරීම දිවයිනේ පළාත් 08ක ඔක්තෝබර් මස 03වැනිදා සිට ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව වයඹ, දකුණ, උතුරු මැද, මධ්‍යම, සබරගමුව, නැගෙනහිර, උතුර සහ ඌව යන පළාත්වල පළමුව මෙම නව පද්ධතිය ක්‍රියාත්මක කෙරෙනු ඇත. බස්නාහිර පළාත තුළ දැනට ක්‍රියාත්මක වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමය (eRL 1.0) ඉදිරියටත් ක්‍රියාත්මක වේ.

ඒ අනුව, දිවයින පුරා සියලුම පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාල සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 2023 සැප්තැම්බර් මස 27 සහ ඔක්තෝබර් මස 02 යන දිනවල තාවකාලිකව නතර කෙරේ. මාර්ගගත ක්‍රමයට ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ පහසුකමද 2023 ඔක්තෝබර් මස 06 වන දින මධ්‍යම රාත්‍රි 12 දක්වා තාවකාලිකව නතර කෙරෙනු ඇත.

eRL 2.0 නව පද්ධතිය ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් සංවර්තනයක් ඇති කිරීමේ ක්‍රියාවලියේ ඉතා වැදගත් පියවරක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Exit mobile version