Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ රන් පදක්කම ඉන්දීය කණ්ඩායමට

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ රන් පදක්කම ඉන්දීය කණ්ඩායමට

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ රන් පදක්කම ඉන්දීය කණ්ඩායමට

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ රන් පදක්කම හිමිකරගැනීමට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.

කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම මුලින් පන්දුවට පහර දී ලකුණු 116 /7 රැස් කළාය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රි ලංකා කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 97ක් රැස්කීරීමට සමත්විය

ඒ අනුව අවසන් තරගයේදී ප්‍රබල සටනකින් පසුව ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජයට පත්වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එම ඉසව්වේ රිදී පදක්කම හිමිකරගත්තාය.

තරගය ලකුණු 19කින් ජයගැනීමට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හසිනි පෙරේරා ලකුණු 25ක් රැස්කර ගත් අතර නිලක්ෂි ද සිල්වා ලකුණු 23ක් රැස්කරගත්තාය.

Exit mobile version