Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලීසිං පොලිය පහත දමයි

ලීසිං පොලිය පහත දමයි

ලීසිං පොලිය පහත දමයි

ආණ්ඩුව පොලී අනුපාත අඩුකර ඇති බැවින් ඒ අනුව කල්බදු (ලීසිං) සඳහා අය කරන පොලී ප්‍රතිශතය 16% දක්වා අඩු කරන බව සමස්ත ලංකා කල්බදු (ලීසිං) සමිති සංගමයේ සභාපති නිෂාමන් කරුණාපාල පැවසීය.

ලබන ඔක්තෝබර් මස 01දා සිට මෙලෙස අඩු ප්‍රතිශතයක් අය කරනුයේ අලුතින් ණය මුදල් ලබාගන්නා පාරිභෝගිකයන්ගෙන් පමණක් බවද හෙතෙම පැවසීය. එයට පෙර ගිවිසුම් අත්සන් කර ඇති අයට ගිවිසුම් ගතවී ඇති වාරික එලෙසම ගෙවීමට සිදුවන බව ඔහු අවධාරණය කළේය. රාජ්‍ය බැංකුවලින් පෙර ණය ගත් අයට පවා ගිවිසුම්ගත වාරික එලෙසම පවත්වාගෙන යන බැවින් තම සංගමය ද ඒ අනුව කටයුතු කරන බව හෙතෙම වැඩිදුරටත් කීය.

ලීසිං වාරික ගෙවන්නන්ගේ සංගමය මෙයට පෙර පැවසුවේ පසුගිය 25 දින සිට බැංකු පොලී අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළද ලීසිං සමාගම් එයට අනුකූලව කටයුතු නොකරන බවය.

ඔහු තවදුරටත් ප්‍රකාශ කරමින් චෝදනා කර සිටියේ, පසුගිය ජනවාරි 1දා සිට ජූලි මස 31 දින දක්වා වාහන 15000ක් පමණ ලීසිං සමාගම් මැරයන් යොදවා බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇති බවත් හා දේපළ 685ක්ද අත්පත් කරගෙන ඇති බවයි.

Exit mobile version