රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු ඇතුළුව, දිවයින පුරා ඇති මාර්ගගත (online) රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 10හි සහ මාර්ග අපගත (offline) මධ්‍යස්ථාන 15ට අදාල සියළුම රාජකාරී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි නැවත ඔවුන් වෙත භාරදිමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කටයුතු කර තිබෙනවා.
2020 ජුලි 09 වනදා ගත් කැබිනට් තීරණයකට අනුව 2021 ජනවාරි 01 වනදා සිට මෙම කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිදු කරනු ලැබුවා.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් භාරගැනීමෙන් පසු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් රියදුරු බලපත් 1,022,763ක් සහ තාවකාලික රියදුරු බලපත්‍ර 1,411,704ක් සමඟ රියදුරු බලපත්‍ර 2,434,467ක් මුද්‍රණය කර තිබෙනවා.
ඒ අනුව 2021.01.01 දිනට පෙර වියදම් කරන ලද මුදලට සාපේක්ෂව ශ්‍රී ලංකා රජය වෙත රුපියල් අසූ එක් කෝටි හත් ලක්ෂ අනූ නව දහස්, හාරසිය අනු පහකුත් ශත අනූවක (810,799,495.90) මුදලක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් රජයට ඉතිරි කර දී තිබෙන බවද සඳහන්.
මීට අමතරව මෙම කාලය තුළ යුද්ධ හමුදාව විසින් වේරහැර, නාරාහේන්පිට දත්ත මධ්‍යස්ථානයන්හි, පාරිසරික දත්ත අධීක්‍ෂණය සහ (Environmental Monitoring System) කිරිම සඳහා පද්ධතියක් ස්ථාපනය කිරීම, රියදුරු බලපත් අයදුම්කරුවන් වෙත මුද්‍රිත රියදුරු බල පත්‍රය කඩිනමින් ලබාදීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධතාවයෙන් “Speed Post” පහසුකම ලබාදීමට කටයුතු කිරීම, ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ඩයලොග් ආයතන සම්බන්ධ කර ගනිමින් හදිසි ආපදා තත්වයකදී රියදුරු බලපත්‍ර පද්ධතිය යථා තත්වයට පත්කළ හැකි පරිදි දත්ත ආපදා ප්‍රතිසාධන මධ්‍යස්ථානයක් (Disaster_Recovery Site) එම ස්ථානයන්හි පිහිටුවීම සඳහා අවැසි සැලැස්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත ලබාදීම යන ක්‍රියා මාර්ග ගෙන තිබෙනවා.
තවද යුද්ධ හමුදාව විසින් අවම වියදමකින් රියදුරු බලපත්‍ර මුද්‍රණය සඳහා නව මෘදුකාංග පද්ධතියක සැලැස්මක් සකස්කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීම, වේරහැර කාර්යාලයට අමතරව අනෙකුත් මාර්ගගත කාර්යාල 10 හි මාර්ගගත ක්‍රමවේදයට විභාග පැවැත්වීම සඳහා පුර්ණ සැලැස්මක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරිම සිදුකර තිබෙන බව සඳහන්.
දැනට මෙම ආයතනය සතුව රියදුරු බලපත්‍ර විස්තර සහිත දත්ත මිලියන 9කට වැඩි ප්‍රමාණයක් ගබඩා කර නිවැරදිව නඩත්තු කර ජාතික ආරක්‍ෂාවට දායකත්වයක් ලබාදීම, රියදුරු බලපත්‍රය මුද්‍රණය වීමෙන් අනතුරුව අයදුම්කරුවන් හට ස්වයංක්‍රීයව කෙටි පණිවිඩයක් මඟින් ඒ බව දැන ගැනීමට හැකිවන පරිදි තාක්‍ෂණික සේවාව දියුණු කිරීම ආදිය යුද්ධ හමුදාව විසින් සිදුකළ බව අනාවරණය වෙනවා.