Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලිබියාවේ ගංවතුරෙන් මිය ගිය ගණන 5,300 ඉක්මවයි

ලිබියාවේ ගංවතුරෙන් මිය ගිය ගණන 5,300 ඉක්මවයි

ලිබියාවේ ගංවතුරෙන් මිය ගිය ගණන 5,300 ඉක්මවයි

ලිබියාවේ ගංවතුරෙන් විපතට පත් ඩර්නා නගරයේ මේ වන විට සිරුරු 5,300කට අධික සංඛ්‍යාවක් ගණන් කර ඇති බව ලිබියාවේ නැගෙනහිර පරිපාලන අමාත්‍යවරයකු පවසා තිබෙනවා

සිවිල් ගුවන් සේවා අමාත්‍ය Hichem Abu Chkiouat පවසන්නේ මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර එය දෙගුණයක් විය හැකි බවයි.

ලිබියානු නගරයක් වන ඩර්නාහි ව්‍යසනකාරී ගංවතුරෙන් අතුරුදන් වූ මිනිසුන් සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරන බවයි වාර්තා වන්නේ

දැනට 10,000කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බැවින්
ඉදිරියේදී මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවත්
මේ නිසා ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා.

Exit mobile version