Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වරදකරුවන් වූ ඥානසාර හිමි ඇතුළු 7කට ලක්ෂ 3ක් ගෙවන්න නියෝග

ඥානසාර හිමියෝ මුස්ලිම් ජනතාවගෙන් ප‍්‍රසිද්ධියේ සමාව අයදිති

ඥානසාර හිමියෝ මුස්ලිම් ජනතාවගෙන් ප‍්‍රසිද්ධියේ සමාව අයදිති

ජාතික බලසේනා සංවිධානයේ මාධ්‍ය හමුවක් අතරතුර ඊට බලහත්කාරයෙන් ඇතුළුවීමේ සිද්ධිය සම්න්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු හත්දෙනා පසුගියදා වරදකරුවන් කෙරුණා.

නඩු තීන්දුව ලබා දෙමින් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේ පැමිණිලිකරුවන්ට රුපියල් ලක්ෂ 3ක මුදලක් ගෙවන ලෙසටයි.

2014 අප්‍රේල් 9 වනදා ජාතික බලසේනා සංවිධානයේ මාධ්‍ය හමුවකට නීති විරෝධීව ඇතුළුවී සාපරාධී බලහත්කාරය පෑම/ නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වීම ඇතුළු චෝදනාවලට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු පිරිස මෙලෙස වරදකරුවන් කෙරුණා.

අනෙකුත් චෝදනා සම්න්ධයෙන් අවවාද කළ මහේස්ත්‍රාත්වරයා සමථ වීමට දෙපාර්ශ්වයට අවසර ලබා දුන්නා.

සිද්ධිය සම්න්ධයෙන් ඇප ලබා සිටින ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට අමතරව විතාරන්දෙණියේ නන්ද/ වැලිමඩ චන්දරතන/ අරියවංශගම සමිද්ධි/ කිරිගල්පොත්තේ චන්දරතන යන හිමිවරුන් සහ පානමී වෑවල / කංකානම්පතිරණගේ ගුණවර්ධන යන අයද අධිකරණය හමුවේ පෙනී සිටියා.

දඩ මුදල් ගෙවීම සඳහා නඩුව යළි කැඳවන ලෙසද නියම කෙරුණා.

Exit mobile version