Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් – දුම්රිය දෙපාර්තමේන්තුව

දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් - දුම්රිය දෙපාර්තමේන්තුව

දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් - දුම්රිය දෙපාර්තමේන්තුව

නව පීලි යොදා ගනිමින් දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මාර්ග හා කර්මාන්ත අංශයේ ප්‍රධාන ඉංජිනේරු එච්.එම්.කේ ඩබ්ලිව් බණ්ඩාර මහතා සඳහන් කළේ, පළමු අදියරේදි කැලණි වැලි දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කරන බවයි.

දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා චීනයෙන් ආනයනය කරන ලද පීලි දස දහසක් හා අනුරාධපුරයේ සිට ඕමන්තේ අතර දුම්රිය මාර්ග නවීකරණයේදී ගලවා ඉවත් කළ පීලි 7000ක යොදා ගන්නා බවට තව දුරටත් ඔහු ප්‍රකාශ කළේය.

මාර්ග අබලන් වීම හේතු කොටගෙන මේ වනවිට සෑම  දුම්රියක්ම වේග සීමාවන්ට යටත්ව ධාවනය වීම හේතුවෙන් මගීන් තම දුම්රිය ගමනාන්තයට ළඟා වීම ප්‍රමාද වන බවට චෝදනා කරනු ලබයි.

Exit mobile version