Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජාතික නීති සතිය නිමිත්තෙන් නීතිඥ සංගමයෙන් නොමිලයේ නීති ආධාර

පොලිස් නිලධාරීන් සඳහා නීති ආධාර

පොලිස් නිලධාරීන් සඳහා නීති ආධාර

ජාතික නීති සතිය නිමිත්තෙන් ජනතාවට නීති ආධාර නොමිලේ ලබාදීම ඇතුළු සමාජ සුබසාධන වැඩසටහන් මාලාවක් ලබන 25 වැනිදා සිට ඔක්තෝබර් මස 1 වැනිදා දක්වා දිවයින පුරා සංවිධාන කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර ඇත.

මහජනතාවගේ නීතිමය දැනුම වැඩි කිරීම, සිවිල් අපරාධ ගැටළුවලට නොමිලේ නීති උපදෙස් ලබාදීම, නීතිපති උපදෙස් කඩිනම් කිරීම හා බන්ධනාගාර රැඳවියන්ගේ දීර්ඝකාලීන ගැටලු නිරාකරණය කිරීම සඳහා නීති උපදෙස් ලබාදීම සහ රාජ්‍ය සේවයේ නිලධාරීන් හා පාසල් සිසුන් සඳහා නීති දැනුම ලබාදීම මෙම වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

මේ අතර නොමිලේ නීති ආධාර සේවාවක් කොළඹ අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයේදී සහ තවත් මධ්‍යස්ථාන හයකදී ලබන 28 සහ 29 දෙදින පැවැත්වීමටද සංගමය කටයුතු යොදා ඇත.

මෙම වැඩසටහන් සඳහා 0113133864 සහ 0113133872 යන දුරකතන අංක ඔස්සේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් ඉසුරු බාලපටබැඳි මහතා ඇමතීමෙන් ලියාපදිංචි විය හැකි බවද සංගමය දැනුම් දෙයි.

Exit mobile version