Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳ විශේෂ දැනුම්දීමක්

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය ඔක්තෝබර් මස 03වැනිදා සිට

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය ඔක්තෝබර් මස 03වැනිදා සිට

වාහන අදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යය වඩාත් පුළුල් කරමින් දිවයින තුළ ලියාපදිංචි සියලුම වාහන සදහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ වැඩසටහන සැප්තැම්බර් 01 දින සිට මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු සුදානම් කර තිබෙන බව මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස් පාරමී තෙන්නකෝන් මහතා පවසනවා.

සංවර්ධන නිලධාරින් හා කළමනාකරණ සේවා නිලධාරින් 150 දෙනෙකු සඳහා විධිමත් පුහුණුවක් ලබාදීමේ දෙදින වැඩසටහන සදහා එක් වෙමින් මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස් පාරමී තෙන්නකෝන් මහතා මේ බව කිය සිටියා.

ඒ අනුව මධ්‍යම පළාතට අයත් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් වෙනත් පළාතක ලිපිනයකට ලියාපදිංචි වී ඇති වාහනයක ආදායම් බලපත්‍රයක් ලබාගත හැකි බවයි සඳහන් වන්නේ.

සමස්ත ලංකාවේම ආදායම් බලපත්‍ර මෙම නව පරිගණක යෙදවුම හරහා මධ්‍යම පළාතට සම්බන්ධ කිරීමට නියමිත අතර වර්තමානයේ වාහන ලියාපදිංචි වී ඇති පළාතේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් පමණක් ආදායම් බලපත්‍රය ලබාගැනීමේ හැකියාව පවතිනවා.

Exit mobile version