Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තෙල් සංස්ථාවේ 60 පැන්න පිරිසකගේ සේවාව දීර්ග කරයි

වයස 60 ඉක්මවූ නිලධාරීන් පිරිසකට සේවා දිගු පිරිනැමීමට නිර්දේශ කර ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයෝ පවසති.

සේවා දිගු සඳහා නිර්දේශ මේ වන විට බලශක්ති අමාත්‍යවරයාට යොමු කර ඇති බවත් සේවා දිගු ලැබීමට නිර්දේශ වී සිටින පිරිස එම සංස්ථාවේ උසස් නිලධාරීන්ගේ හිතවතුන් බවත් සේවකයෝ පවසති.

ඉන්ධන පිරවුම්හල් 450 ක් විදේශ සමාගම්වලට දී ඇති තත්වයක් තුළ සේවකයන් අඩු කළ යුතු බව කියන එහි සේවකයෝ විශ්‍රාම යා යුතු පිරිස තබාගැනීම ආයතනයට අමතර බරක් බව ද සඳහන් කරයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක්ගෙන් මෙම සේවා දිගු පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ රජය නව බඳවාගැනීම් නවතා තිබීම නිසා අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට පළපුරුදු සේවකයන්ගේ සේවය දීර්ඝ කිරීමට නිර්දේශ කර ඇති බවයි.

අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අනුමැතිය ඇතිව අත්‍යවශ්‍ය සේවාවල සේවකයන්ට සේවා දිගු දීමට අවශ්‍ය ආයතනවල අවසර ගැනීමට මේ වන විට ඉල්ලීම් කර ඇති බවත් ඒ සඳහා එම ආයතනවලින් මේ දක්වා ප්‍රතිචාර ලැබී නොමැති බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

Exit mobile version