Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

4වැනි ලෝක ළමා සාම සමුළුවේ සාමය පිළිබඳව හොදම දේශනයේ සම්මානය කස්මිරා ජයවීර දිනාගනී

ලෝක ළමා සාම සමුළුවේ හොදම කතාව සදහා හිමි සම්මානය දිනාගත් කස්මිරා ජයවීර

ලෝක ළමා සාම සමුළුවේ හොදම කතාව සදහා හිමි සම්මානය දිනාගත් කස්මිරා ජයවීර

ජපානයේ ටෝකියෝ නුවර(08) පැවති 04 වන ලෝක ළමා සාම සමුළුවට (04 th World Children’s Peace Summit) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ, වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ ආර්.එස්.කස්මිරා ජයවීර ඉදිරිපත් කළ දේශනය, එම සමුළුවේ හොදම සාමය පිළිබඳ දේශනයට (Most Peaceful Speach Award) හිමි සම්මානය දිනා ගැනීමට සමත් වී තිබුණා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සමුළුවට පළමු වරට ශ්‍රී ලාංකිකයෙකු සහභාගී වී තිබූ කස්මිරා ජයවීර ලෝක සාමය ස්ථාපිත කිරීමට ළමා නායකත්වයේ කාර්යය භාරය අධ්‍යාපනය සහ භාෂා අධ්‍යනය තුළින් උදා කර ගත හැකි ආකාරය පැහැදිලි කර තිබෙනවා.

මෙම සම්මානය දිනා ගත් කස්මිරා ජයවීර සිසුවිය (08) දින රාත්‍රී 11.25ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට බතික් එයාර් ගුවන් සේවයේ ඕ.ඩී.- 297 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඇය පිළිගැනීම සදහා වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලය, එහි සිසුන් මෙන්ම මෙම කස්මිරාගේ පියා සේවය කරන කටුනායක ගුවන් තොටුපොළ ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.

Exit mobile version