Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

චීනය හා පිලිපීනය අතර අර්බුදය තවදුරටත් වර්ධනය වෙයි

චීනය හා පිලිපීනය අතර අර්බුදය තවදුරටත් වර්ධනය වෙයි

චීනය හා පිලිපීනය අතර අර්බුදය තවදුරටත් වර්ධනය වෙයි

පිලිපීනය සහ චීනය අතර පවතින මතභේදාත්මක තත්ත්වය තවදුරටත් වර්ධනය වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ, දකුණු චීන මුහුදේ දී චීන වෙරළාරක්ෂක භටයින් පිරිසක් පිලිපීන නෞකාවලට ජල ප්‍රහාර එල්ල කිරීමත් සමගය.

එම සිදුවීමෙන් අනතුරුව පිලිපීන විදේශ කටයුතු අමාත්‍යාංශය එරට චීන තානාපතිවරයාට කැඳවීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එහිදී පිලිපීන විදේශ කටයුතු ලේකම්වරයා විසින් චීන තානාපතිවරයා වෙත එම සිද්ධියට අදාළ ඡායාරූප, වීඩියෝ ලබාදී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ පිළිතුර අපේක්ෂාවෙන් සිටින බවත් පිලිපීන ජනාධිපතිවරයා පවසා ඇත.

කෙසේවෙතත් මෙම සිද්ධිය වාර්තවීමෙන් අනතුරුව චීනය ඊට ප්‍රතිචාර දක්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරන ලදී.

චීනය පැවසුවේ පිලිපීන නෞකා නීතිවිරෝධී ලෙස සිය මුහුදු සීමාවට ඇතුළුවී ඇති බවය.

ඒ හමුවේ වෙරළාරක්ෂක භටයින් ගෙන ඇත්තේ අවශ්‍ය පාලන ක්‍රියාවලියක් බවද චීනය පවසා තිබේ.

Exit mobile version