Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

යහපත් ක්‍රියාවන් කළ පොලිස් නිලධාරීන් හා සිවිල් පුද්ගලයන් ඇගයීමට

යහපත් ක්‍රියාවන් කළ පොලිස් නිලධාරීන් හා සිවිල් පුද්ගලයන් ඇගයීමට

යහපත් ක්‍රියාවන් කළ පොලිස් නිලධාරීන් හා සිවිල් පුද්ගලයන් ඇගයීමට

FacebookTwitterWhatsAppLinkedInLineWeChat

පොලිස් නිලධාරීන් හා සිවිල් පුද්ගලයන් විසින් සිදු කරන ලද යහපත් ක්‍රියාවන් අගයමින් ඔවුනට ත්‍යාග හා ප්‍රශංසා පිරිනැමීම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී (31)වැනි දා පැවැත්විය.

මෙහිදී අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කළේ අල්ලස් නොගෙන රාජකාරිය අකුරටම ඉටු කරන මෙවැනි පොලිස් නිලධාරීන් ශ්‍රී ලංකා පොලිසියට ආදර්ශයක් බවයි.

සිවිල් පුරවැසියන් දෙදෙනෙකුට ත්‍යාග මුදල් සහ ප්‍රශංසා පිරිනැමූ අමාත්‍යවරයා අපරාධ මැඩලීමට මහජනතාවගේ සහායෝගය ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමේන්තුව අඛණ්ඩව බලාපොරොත්තු වන බවද පැවසීය.

මහමග යතුරුපැදිවලින් පැමිණ වෙඩිතැබීම් සිද්ධීන් පිළිබඳව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යරවයා ප්‍රකාශ කළේ පසුගිය කාලයේ විශේෂයෙන් දකුණු පළාතේ දිනපතා මෙවැනි සිද්ධීන් වාර්තා වූ අතර ගනු ලැබූ යම් ක්‍රියාමාර්ග නිසා අපරාධවල අඩුවක් වී ඇති බවයි.

මෙවැනි අපරාධ මැඩපැවැත්වීමට තවදුරටත් ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය .

ත්‍යාග හා ප්‍රශංසා ලැබූ පොලිස් නිලධාරීන් හා සිවින් වැසියන් පහත සඳහන් වනවා.

2023.07.17 වන දින දොරටියාව පොලිස් ස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකු විසින් දඹුල්ල දෙස සිට කුරුණෑගල දෙසට සත්ත්ව හිංසාව ඇති වන ආකාරයට ලොරි රථයකින් ගවයින් 10 දෙනෙකු ප්‍රවාහනය කරන ලද සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔවුන් විසින් නිලධාරීන් වෙත ලබා දීමට උත්සාහ කළ රු.100,000/= ක අල්ලස් මුදලක් ප්‍රතික්ෂේප කර නිසි පරිදි රාජකාරී ඉටු කිරීම
01. පො.සැ.39301 ඩී.එම්.එස්.කේ. දිසානායක
02. පො.සැ.72248 එල්.ඒ.අයි.ජී.එච්.ලියනආරච්චි

2023.07.23 වන දින දිවුලපිටිය පොලිස් වසමේ කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ලකා යතුරුපැදියකින් පලා යමින් සිටි සැකකරුවෙකු, මෝටර් රථයකින් පැමිණි සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු විසින් යතුරුපැදියේ මග හරස්කර සැකකරු අල්ලා පොලිස් නිලධාරීන් වෙත භාර දීමට කටයුතු කිරීම.
01. එච්.ඒ.දිලීප් සමන්කුමාර
02. ආර්.ඒ.සීලර

Exit mobile version