Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදෙස්ගතවීමට බලාපොරොත්තුවන ශ්‍රමිකයින් සඳහා දැනුම්දීමක්

විදෙස්ගත වී ඇති සියලු දෙනාගේ තොරතුරු එක්රැස් කිරීමට සංගණනයක්

විදෙස්ගත වී ඇති සියලු දෙනාගේ තොරතුරු එක්රැස් කිරීමට සංගණනයක්

විදෙස්ගත වන ශ්‍රමිකයින් සඳහා වන පුහුණු පාඨමාලා මේ වනවිට ආරම්භ කර තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යංශයත් සමග ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මේ සම්බන්ධව අවබෝධතා ගිවිසුමකට පසුගිය දිනෙක අත්සන් තැබුවේය. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ වෘත්තීය මාර්ගෝපදේශන හා ප්‍රවර්ධන අධ්‍යක්ෂ ඊ. ඒ. ඩී. එස්. සේනාරත්න මහතා පැවසුවේ සෑම මධ්‍යස්ථානයකම තවත් පාඨමාලා 50% කට වැඩි ප්‍රමාණයක් ආරම්භ කිරීමට නියමිත බවයි.

තවත් 4000 කට ආසන්න පිරිසක් බඳවා ගැනීමට හැකියාව පවතින බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.
දිවයින පුරා පිහිටි වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 206න් 107ක් මෙයට යොදවා තිබේ.

සන්ධ්‍යා කාලයේ හා සති අන්තයේ මෙම පාඨමාලා පැවැත්වෙන බැවින් රැකියාවක නිරත වන අයෙකුට වුවද මෙය සිදු කළ හැකියි.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු 0117 277 888 සහ 0117 270 270 යන දුරකතන අංක ඔස්සේ ලබා ගත හැකිය.

Exit mobile version