Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලෝක මිහිකත විවාහක රූ රැජින 2023 කිරුළ දිනූ සෂ්මි දිසානායක දිවයිනට

ලෝක මිහිකත විවාහක රූ රැජින 2023 කිරුළ දිනූ සෂ්මි දිසානායක දිවයිනට

ලෝක මිහිකත විවාහක රූ රැජින 2023 කිරුළ දිනූ සෂ්මි දිසානායක දිවයිනට

ලෝක මිහිකත විවාහක රූ රැජින – 2023 (Mrs Earth International) ලෙස කිරුළ දිනා ගත් අම්පාර 21 හැවිරිදි සෂ්මි දිසානායක මහත්මිය (26) දහවල් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

ලෝකයේ රටවල් 45ක තරගකාරියන් 60 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පිලිපීනයේ මැනිලා නුවර ඉකුත් 07/17 සිට 07/22 දින දක්වා මෙම තරගාවලිය පවත්වා තිබුණි.

එහිදී සෂ්මි දිසානායක මහත්මිය මෙම තරගාවලියේ අනු තරගාවලි 04ක් ජය ගනිමින් මෙසේ ලෝක මිහිකත විවාහක රූ රැජින ලෙස ජයග්‍රහණය කර තිබුණි.

කටුනායක ගුවන් තොටුපොළේ දී සෂ්මි දිසානායක මහත්මිය මාධ්‍ය හමුවේ මෙසේ ප්‍රකාශ කළාය.

මට හරි සතුටුයි මගේ මේ ජයග්‍රහණය පිළිබඳ. මේ නිසා මගේ රට උසස් තැනකට රැගෙන යන්න මට පුලුවන් උනා. මම මේක තනියෙන් ආපු ගමනක් නෙමෙයි. මගේ මේ ජයග්‍රහණයට රුක්මාල් සේනානායක ගුරුතුමාත්, ජාතික අධ්‍යක්ෂ චරිත් ගුණරත්න සහ නිෂ්පාදක ඉසුරු ගුණසේකර යන මහත්වරුන් උදව් කළා. ඒ වගේම මගේ දෙමාපියන් සහ මගේ සැමියාත් බොහෝ සේ උදව් කළා.

මම ගොඩක් මහන්සියෙන් මේ ප්‍රතිඵලය අත් කර ගත්තෙ. මට මේ තරගාවලියේ දී ගොඩක් අභියෝග තිබුණා. තවත් බොහෝ ‍රටවල ලස්සන, දක්ෂතා වලින් පරිපූර්ණ කාන්තාවන් ඉදිරිපත් වී සිටියා. යැයිද පැවසීය.

මගේ ඉදිරි කටයුතු සැළසුම් සහගතව ක්‍රියාත්මක කිරීමට මම බලාපොරොත්තු වන අතර ශ්‍රී ලංකාව තුළ පරිසර හිතකාමී වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සදහා මගේ වැඩි අවදානයක් යොමු කරන බවද පැවසීය.

එසේම දැනටමත් විදේශීය රටවල් රාශියකින් මෙම ක්ෂේත්‍රයේ විවිධ වැඩසටහන් සදහා ආරාධනා ලැබී ඇති බවත් ඇය මාධ්‍ය හමුවේ අනාවරණයක්ද සිදු කළාය.

එසේම මෙම ක්ෂේත්‍රයට පිවිසෙන නවකයින් සිය සැගවුණු දක්ෂතා භාවිතා කරමින් රටට කීර්තිය ගෙන ඒමට කටයුතු කළ යුතු බවද පැවසුවාය.

Exit mobile version