Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොලීසියට එරෙහි පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයි

නිර්වින්දන එන්නත් වර්ග 08ක් ගැන අධිකරණය දුන් තීන්දුව

නිර්වින්දන එන්නත් වර්ග 08ක් ගැන අධිකරණය දුන් තීන්දුව

ඉකුත් වසරේ මැයි මස 09වනදා රට තුළ පැවැති ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට පොලීසිය නිසි පියවර ගැනීමට අපොහොසත්වීම තුළින් මූලික මිනිස් අයිතීන් උල්ලංඝනයවූ බව සඳහන් කරමින් ගොනුකර තිබූ පෙත්සමක් (19) ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කළේය.

ගාලු මුවදොර අරගල භූමියේ ඇතුළු දිවයින පුරා ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට පොලීසිය නිසි පියවර ගැනීමට අපොහොසත්වීම තුළින් මූලික මිනිස් අයිතීන් උල්ලංඝනයවූ බව සඳහන් කරමින් “රයිට් ටු ලයිෆ්” සංවිධානය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මෙලෙස විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබුණි.

අදාළ පෙත්සම සම්බන්ධයෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශමින්ද වික්‍රම මහතා මතු කළ මූලික විරෝධතා පිළිගනිමින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

මෙම පෙත්සම (19) එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් වසරේ මැයි මස 09වනදා පෙරවරුවේ ගාලු මුවදොර ප්‍රදේශයේ ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා සහ පස්වරුවේ දිවයින පුරා ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට පොලීසිය නිසි පියවර ගැනීමට අපොහොසත්වීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවී ඇති බවට චෝදනා කළේය.

ඒත් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ෂමින්ද වික්‍රම මහතා මූලික විරෝධතාවක් මතු කරමින් කියා සිටියේ පෙත්සම්කරුවන් මෙම පෙත්සම නිසි නීතිමය කාලසීමාව තුළ ඉදිරිපත් කර නොමැති බවය.

නියමිත කාලය ඉක්මවා ගිය පසු මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති නිසා එය පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවත් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළේය.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මහජන ආරක්ෂක අමාත්‍යවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 10 දෙනෙකු සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණි.

Exit mobile version