Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

චන්ද්‍රයාන්-3 ගුවන්ගත වේ

චන්ද්‍රයාන්-3 ගුවන්ගත වේ

චන්ද්‍රයාන්-3 ගුවන්ගත වේ

සාර්ථක මෙහෙයුමකින් පසු “චන්ද්‍රයාන්-3“ අභ්‍යවකාශ යානය (14) පස්වරු 2.35ට ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ශ්‍රීහරිකොටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත වූ බව විදෙස් මාධ්‍ය පවසනවා.

අභ්‍යවකාශ යානය දියත් කරන විට ශ්‍රීහරිකෝටා හි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මෙහෙයුම් පාලනයේ විද්‍යාඥයින් අත්පොළසන් දෙමින් ඔවුන්ගේ සතුට ප්‍රකාශ කර තිබෙනවා

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි චන්ද්‍රයාන්-3 දියත් කිරීමට පෙර ට්විටර් සටහනක් තබමින් “අපේ ජාතියේ බලාපොරොත්තු සහ සිහින රැගෙන යන විශිෂ්ට මෙහෙයුමක් ලෙස මෙය හැඳින්විය හැකි බවත්, 2023 ජූලි 14 සැමවිටම රන් අකුරින් සටහන් වනු ඇති බවත්” යනුවෙන් තම සතුට ප්‍රකාශ කර තිබෙනවා

චන්ද්‍රයාන් – 3 ගුවන්ගත කිරීම නැරඹීමට දහස් ගණනක් ජනතාව පැමිණ සිටි බවද විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම අභ්‍යවකාශ යානය දින 40ක කාලයකට පසු එනම් අගෝස්තු 23-24 දිනවල සඳ මත ස්පර්ශ කෙරෙනු ඇති බවට විශ්වාස කරන බවද අභ්‍යවකාශ නිලධාරීන් පවසා තිබෙනවා.

Exit mobile version