Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහනුවර ඇසළ පෙරහැර දින ප්‍රකාශයට

ඇසළ පෙරහැරේ ආසන වැඩි මිලට විකුණන ජාවාරමක්

ඇසළ පෙරහැරේ ආසන වැඩි මිලට විකුණන ජාවාරමක්

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වෙන දින නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය.

ඒ අනුව අදාළ නිවේදනයේ සඳහන් වන්නේ මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අගෝස්තු මස 17වනදා සිට අගෝස්තු 31 වනදා දක්වා පැවැත්වෙන බවය.

අගෝස්තු 17 වනදා ඇසළ පෙරහැර මංගල්‍යය කප් සිටුවීම පෙරවරු 6.12ට සිව් මහා දේවාලවල සිදුකිරීමට නියමිතව ඇත.

අගෝස්තු මස 21 – සිට 25වනදා දක්වා කුඹල් පෙරහර 26 සිට 30 වනදා දක්වා රන්දෝලි පෙරහැර පවත්වා අගෝස්තු 31 වනදා දියකැපීමේ මංගල්‍යය සිදුකර එදිනම දහවල් පෙරහර සිදුකර එදින පස්වරුවේ ජනාධිපතිවරයාට පෙරහැර සංදේශය භාර දීම සිදුකිරීමට නියමිතව ඇත.

Exit mobile version