Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වීසා දඩය වැඩි කරයි

ආසියාවේ වැඩිම වීසා ගාස්තුව ශ්‍රී ලංකාවේ - සංචාරක සේවා සපයන ආයතන

ආසියාවේ වැඩිම වීසා ගාස්තුව ශ්‍රී ලංකාවේ - සංචාරක සේවා සපයන ආයතන

නියමිත වීසා කාලය ඉක්මවා ශ්‍රී ලංකාවේ රැඳී සිටින විදේශීකයින් සඳහා අයකරන දඩ මුදල් සංශෝධනය කර ඇත.

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කරමින්, එම දඩය දින 7 – 14ත් සඳහා අමෙරිකානු ඩොලර් 250 දක්වාද දින 14කට වැඩි නම් අමෙරිකානු ඩොලර් 500 දක්වාද ඉහළ දමා ඇත.

එසේම එම දඩ මුදලට අමතරව වීසා ගාස්තුද ගෙවිය යුතු බව එම ගැසට් නිවේදනයේ දැක්වේ.

සංක්‍රමණික හා විගමන පනතේ (351 පරිච්ඡේදය) 23 වැනි වගන්තිය යටතේ මහජන ආරක්‍ෂක අමාත්‍යවරයා විසින් මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇති අතර එය පාර්ලිමේන්තුව විසින් අනුමත කර ඇත.

මේ අතර මුල් වීසා බලපත්‍රයේ වලංගු කාලය අවසන් වූ දින සිට ගණනය කර දින 07ක් ඇතුළත ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන අයෙකුට පිටවීමේ වරායේදී අදාළ වීසා ගාස්තුව ගෙවීමෙන් තොරව ශ්‍රී ලංකාවෙන් පිටවිය හැකි බවද එහි සඳහන් වේ.

Exit mobile version