Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට බරපතළ වැඩ සහිත මාස 06ක සිරදඬුවමක්

කුවේට්හි සිරගතව සිටින ශ්‍රී ලාංකිකයන් 143න් 115කට මත්ද්‍රව්‍ය චෝදනා

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරද පිළිගත් විශ්‍රාමික යුද හමුදා මේජර්, නීතිඥ අජිත් ප්‍රසන්ත මහතාට අභියාචනාධිකරණය විසින් (08) මාස 06ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

එම සිරදඬුවම අජිත් ප්‍රසන්න මහතා දැනට ගෙවමින් සිටින වසර 04ක සිරදඬුවම් කාලය අවසන්වීමෙන් පසුව ක්‍රියාත්මක වන බවත් තීන්දුවේ සඳහන් වුණි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදුනි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කරනු අජිත් ප්‍රසන්න මහතාට මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 04ක සිරදඬුවම් නියම කර තිබුණි.

Exit mobile version