Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

X-Press Pearl වන්දි නඩුවට සහය වීමට ජනපති නීතිඥවරුන් දෙදෙනෙක්

X-Press Pearl වන්දි නඩුවට සහය වීමට ජනපති නීතිඥවරුන් දෙදෙනෙක්

X-Press Pearl වන්දි නඩුවට සහය වීමට ජනපති නීතිඥවරුන් දෙදෙනෙක්

X-Press Pearl නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබා ගැනීම සඳහා සිංගප්පූරුවේ පැවරූ වන්දි නඩුවේ කටයුතුවලට අදාළ නීතිපති දෙපාර්තමේන්තුවට සහාය වීම සඳහා, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් ජනාධිපති නීතිඥවරුන් දෙදෙනෙකු පත් තර තිබේ.

එහි සභාපති නීතිඥ අසේල රැකව මහතා සඳහන් කළේ, ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා මහතා සහ ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා එලෙස පත් කළ බවයි. ඒ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවද දැනුවත් කර ඇත.

අදාළ නීතිඥයින් හරහා නීතිපති දෙපාර්තමේන්තුවට තම අධිකාරියේ සහය ලබා දෙන බවටද සභාපතිවරයා ප්‍රකාශ කර තිබේ.

 

Exit mobile version