Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පැතිර යන අසත්‍ය ප්‍රචාරයක් සම්බන්ධයෙන් පොලිසියෙන් දැනුම්දීමක්

හජ් උත්සවය සඳහා පොලිසිය දිවයින පුරා විශේෂ ආරක්ෂක සැලැස්මක්

හජ් උත්සවය සඳහා පොලිසිය දිවයින පුරා විශේෂ ආරක්ෂක සැලැස්මක්

සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුද්ගලයින්ගේ ඡායාරූප, හඩපට, වීඩියෝ දර්ශන උපයෝගී කර ගනිමින් ටොෆි, චොක්ලට් වැනි ආහාර වර්ග ලබා දී පාසල් දරුවන් පැහැර ගැනීමට උත්සාහ කරන බවට සංසරණය වන පුවත් සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශන සිදු කරමින් පවතින බව වාර්තා වී තිබෙනවා.

එමෙන්ම පසුගිය දිනවල ළමුන් පැහැරගැනීමට තැත් කිරීමේ සිදුවීම් සම්බන්ධව පැමිණිලි කිහිපයක් පොලිස් ස්ථාන වෙත වාර්තා වී තිබුණද ඒ සම්බන්ධව විමර්ශනය කිරිමේ දි එම ඇතැම් පැමිණිලි අසත්‍ය බවට අනාවරණය වී තිබෙනවා.

පැහැර ගැනීමට තැත් කිරීම් වලට අදාල අනෙකුත් පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනයේදීද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයේ කිසිඳු තොරතුරක් මෙතෙක් තහවුරු වී නොමැති බවයි වාර්තා වන්නේ.

Exit mobile version