Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට නැවතත් ශම්මි සිල්වා නිතරඟයෙන් පත්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට හිටපු සභාපති ශම්මි සිල්වා මහතා නිතරඟයෙන් නැවතත් (20)වැනි දා පත්විය.

හිටපු ලේකම් මොහාන් ද සිල්වා මහතා ලේකම් ධුරයට නැවතත් නිතරඟයෙන් පත්වූ අතර හිටපු උප භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද මහතා මෙවර භාණ්ඩාගාරිකවරයා ලෙස නිතරඟයෙන් පත්විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 62වැනි වාර්ෂිකදී සභාව සහ නිලවරණය කොළඹ ප්‍රධාන හෝටලයකදී (20)වැනි දා පෙරවරුවේ පැවැත්විණි.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2023 -2025 නිලධාරි මණ්ඩලය නිතරඟයෙන් පත්විය.

Exit mobile version