Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට විධිමත් මුත්‍රා සාම්පල පරීක්ෂණයක් ආරම්භ කරයි

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට මුත්‍රා සාම්පල පරීක්ෂණයක්

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට මුත්‍රා සාම්පල පරීක්ෂණයක්

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ නව වැඩසටහනක් (19)වැනි දා සිට ආරම්භ කර ඇත. මෙහිදී සිදුවන්නේ රියදුරන්ගේ මුත්‍ර සාම්පල පරීක්ෂා කර ඔවුන් බීමත්ද නැත්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකිරීමයි.

මෙහිදී බීමත් යැයි සැක සිතන රියදුරන් පොලිස් ස්ථාන වෙත රැගෙන ගොස් ඔවුන්ගේ මුත්‍ර සාම්පල පරීක්ෂාවට ලක් කරනු ලබයි.

මේ හරහා මත්පැන් පමණක් නොව මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්ද යන්න පිළිබඳවද තහවුරු කර ගැනීමට හැකි වන බවට පොලීසිය පවසයි

මීට පෙර පරීක්ෂණයේදී මත්පැන් පානය කර ඇත්ද යන්න පමණක් අනාවරණය කර ගැනීම සිදුවූ අතර, මෙම නව වැඩපිලිවෙල යටතේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය වර්ග 06ක් භාවිත කර ඇත්දැයි අනාවරණය කර ගැනීමට හැකියාව පවතී.

මීට පෙරද රියදුරන්ගේ මුත්‍රා සාම්පල පරීක්ෂා කිරීම සිදුකරනු ලැබුවේ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ ය. නමුත් මෙවර එහි විශේෂත්වය වන්නේ (19)වැනි දා සිට එම කටයුතු පොලීසියේ සෘජු මැදිහත්වීමෙන් සිදුකිරීමයි.

මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපකරණ කට්ටල මේ වන විට පොලිස් ස්ථාන වෙත ලබාදී තිබෙන අතර, එය නියමු ව්‍යාපෘතියක් වශයෙන් පලමුව බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කිරීම ආරම්භ කර පසුව සෙසු පළාත්වලද එය ක්‍රියාත්මක කිරීමට නියමිත බවට පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

 

Exit mobile version