Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජූනි පළමු වැනිදා සිට ICCය තරග කොන්දේසි 3ක් සංශෝදනය කරයි

ශ්‍රී ලංකාව වෙත ICCය පනවා තිබූ තහනම ඉවතට

ශ්‍රී ලංකාව වෙත ICCය පනවා තිබූ තහනම ඉවතට

ජූනි පළමු වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් තරග කොන්දේසි 3ක් සංශෝදනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, අධි අවදානම් සහිත අවස්ථාව ලෙස නම් කළ අවස්ථා තුනකදී හිස් ආවරණ (helmets) පැළදීම අනිවාර්ය කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

එම අවස්ථාවන් පහත පරිදි වේ.
• පිතිකරුවන් වේග පන්දු යවන්නන්ට මුහුණ දෙන විට
• කඩුලු රකින්නන් කඩුල්ල අසලට පැමිණ කඩුලු රැකීමේ දී
· කඩුල්ල ඉදිරිපස සිට පිතිකරු ආසන්නයේ පන්දු රකිමින් සිටියදී

එමෙන්ම මින් ඉදිරියට පිටියේ විනිසුරුවන් විසින් තෙවන විනිසුරුවට යම් තීරණයක් ලබා දීමට යොමු කිරීමේ දී ඊට අදාළව පිටියේ විනිසුරුවන්ගේ මතය (soft signal) ප්‍රකාශ කිරීමක් අවශ්‍ය නොමැති බවටද තීරණයක් ගෙන තිබෙනවා.

මෙතෙක් පැවැති නීති අනුව දැවී යාමක් හෝ කුමන කරුණක් මත සැක මතු වන අවස්ථාවකදී පිටියේ විනිසුරුවන් විසින් එම තීරණය තෙවන විනිසුරුට යොමු කරන්නේ අදාළ උඩ පන්දුව රැක ගත්තේද නැද්ද යන්න සම්බන්ධයෙන් පිටියේ විනිසුරුවන් දක්වන මතයද ලබා දෙමින්.

ඒ අනුව මින් පෙර තෙවන විනිසුරුට පුනරූපපනවලින් අවසන් තීරණයක් ගැනීමට නොහැකි අවස්ථවන්හිදී, පිටියේ විනිසුරුවරුන්ගේ මතය (soft signal) අවසන් තීරණය බවට පත් විය.

නමුත් මින් ඉදිරියට පිටියේ විනිසුරුවන් විසින් සිය මතය ප්‍රකාශ කිරීමට අවශ්‍ය නොවන බැවින් තෙවන විනිසුරුට තමන්ට ලැබෙන සාක්ෂි මත පදනම්ව සිය තීරණය ලබා දිය හැකියි.

මේ අතර, නිපන්දුවකින් පසුව ලබා දෙන නිදහස් පහරට (Free Hit) අදාළ නීතියක්ද සංශෝදනය කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ජූනි පළමු වැනිදායින් පසුව නිදහස් පහරට අදාළ පන්දුවේ දී පිතිකරුවෙකු පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගිය ද, එම පන්දුව සදහා ලබා ගන්නා ලකුණු පිතිකරුවාට හිමි වනවා.

Exit mobile version