Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මාර්ග සංවර්ධන අධිකාරියෙන් රියදුරන්ට විශේෂ දැනුම් දීමක්

කදුකර දිස්ත්‍රික්ක 3කට ආරක්ෂිත යකඩ වැටවල්

කදුකර දිස්ත්‍රික්ක 3කට ආරක්ෂිත යකඩ වැටවල්

අධික වර්ෂාවත් සමග මාර්ගවල ලිස්සන සුළු ස්වභාවය පිළිබඳ සැලකිල්ලට ගනිමින් රිය ධාවනය කරන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

එම අධිකාරිය සඳහන් කළේ, විශේෂයෙන් අධිවේගි මාර්ගවල ධාවනය කිරීමේදී තිරිංග පද්ධතියේ නිසි ක්‍රියාකාරීත්වය පිළිබඳව අවබෝධයෙන් කටයුතු කළ යුතු බවත්, සහ කඳුකර මාර්ග වල රිය ධාවනය කිරීමේදී වඩා සුපරික්ෂාකාරී විය යුතු බවත් ය.

ඊට අමතරව කඳුකර මාර්ගවල නායා යෑම් හා කණ්ඩි කඩා වැටීම් සිදුවිය හැකි බැවින් එම මාර්ගවල රිය ධාවනය කිරීමේදී සුපරික්ෂාකාරී වන ලෙසට ද මාර්ග සංවර්ධන අධිකාරිය ජනතාවට දැනුම් දෙයි.

Exit mobile version