Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොහොර මිලදී ගන්න ගොවීන්ට වවුචරයක් – ලබන මහ කන්නයේ සිට පොහොර සැපයීමේ වගකීම පෞද්ගලික අංශයට

ගොවි ජනතාවගේ පොහොර සඳහා රු. මිලියන 12,000ක්

ගොවි ජනතාවගේ පොහොර සඳහා රු. මිලියන 12,000ක්

මෙවර යල කන්නයේ දී පොහොර මිලදී ගැනීම සඳහා ගොවීන්ට වවුචරයක් නිකුත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය සහ මුදල් කමිටුවේද අනුමැතිය හිමිවූ බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

පොහොර ආනයනය කරන සියලු ආයතනවල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් (04)වැනි දා පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

තව දුරටත් අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ මුදල් යොදාගනිමින් යල කන්නයේදී කිසිදු බාධාවකින් තොරව රාජ්‍ය අංශයෙන් හෝ පුද්ගලික අංශයෙන් ගොවීන්ට පොහොර මිලදී ගත හැකි බවත්, පොහොරවල ප්‍රමිතිය අධීක්ෂණය කිරීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක බවත්, අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ලබන මහ කන්නයේ සිට පොහොර සැපයීමේ වගකීමෙන් රජය ඉවත් වී එම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයට පවරන බව

එම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයට පවරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

Exit mobile version