Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය යා කරන ටෝර්කාම් දේශසීමාවේ විශාල නාය යෑමක්

පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය යා කරන ටෝර්කාම් දේශසීමාවේ විශාල නාය යෑමක්

පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය යා කරන ටෝර්කාම් දේශසීමාවේ විශාල නාය යෑමක් විශාල නාය යෑමක්

පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය යා කරන ටෝර්කාම් දේශසීමා හරස් මාර්ගයට ආසන්නයේ (18) උදෑසන සිදු වූ නාය යෑමකින් භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථ ඇතුළු වාහන විසිගණනක් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම මාර්ගය අයත් කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයට පතිත වූ අධික වර්ෂාව සහ අකුණු සැර තත්ත්වය යටතේ මේ නාය යෑම සිදු වී ඇති අතර, ඒ වන විට දේශසීමාව ආසන්නයේ වාහන විශාල සංඛ්‍යාවක් ගමන් කරමින් තිබූ බව වැඩිදුරටත් වාර්තා වේ.

පාකිස්තාන හමුදාව සහ හදිසි ආපදා කළමනාකරණ කණ්ඩායම් වැළලුණු ට්‍රක් රථ තුළ සිටි පුද්ගලයන් බේරා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. (18) පස්වරුව වන විට මළ සිරුරු 3ක් හමු වී ඇති අතර, සෙසු පුද්ගලයන් නිරුපද්‍රිතව බේරා ගැනීමට පාකිස්තාන හමුදාව දැඩි උත්සාහයක නිරතව සිටින බව වාර්තා වේ. විපතට පත් ප්‍රදේශයට විවිධ ඩම්පර්, ඩෝසර් සහ වෙනත් උපකරණ සහ යන්ත්‍රෝපකරණ යුධ හමුදා ඉංජිනේරුවන් සපයා ඇති අතර, මීට අමතරව, සෙවුම් කැමරා, ගලවා ගැනීමේ රේඩාර් වැනි උපකරණ භාවිතා කරමින් ගලවා ගැනීමේ මෙහෙයුම් කඩිනම් කර තිබේ.

Exit mobile version