Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාව සහ ජපානය අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ ජපානය අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ ජපානය අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම, මානව සම්පත් සංවර්ධනය, ජපන් ආයෝජන ලංකාවට ගෙන්වා ගැනීම සහ සංචාරක ප්‍රවර්ධනය සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා රජය සහ ජපානයේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික සමූහයක් අත්සන් තබා තිබෙනවා.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ජපන් නිල සංචාරය අතරවාරයේදී මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

ජපන් ආයතනවලට අවශ්‍ය ස්ථානීය බදවා ගැනීම්, ජපන් ආයෝජකයින් ආකර්ශනය කරගැනීම සදහා සම්මන්ත්‍රණ සහ ආයෝජන උපදේශන පැවැත්වීමට මෙම ගිවිසුම මගින් අපේක්ෂිතයි.

එරට සංචාරකයින් ලංකාවට ගෙන්වා ගැනීම සදහා වන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටත් මෙරට සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු වෘත්තිකයින්ගේ කුසලතා සහ පුහුණුව වැඩි දියුණු කිරීමටත් මෙමගින් සැළසුම් කරන බව වාර්තා වනවා.

Exit mobile version