Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සෑම ගොවියකුටම QR ඛේතයක්

සෑම ගොවියකුටම QR ඛේතයක්

සෑම ගොවියකුටම QR ඛේතයක්

2023 මහ කන්නයේ දී රජය පොහොර බෙදා හැරීමේ වැඩ පිළිවෙළින් ඉවත්ව එම කටයුතු පෞද්ගලික අංශයට බාර දෙන බවත් ‍ගොවීන්ට රසායනික පොහොර, කාබනික පොහොර, බීජ වර්ග හා අනෙකුත් කෘෂි යෙදවුම් මිල දී ගැනීම සඳහා මූල්‍ය සහනාධාරයක් දෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ඒ සඳහා සෑම ගොවියකුටම QR ඛේතයක් ලබා දෙන අතර ගොවි ජනතාවට තමන්ට අවශ්‍ය කෘෂි යෙදවුම් එමගින් ලබා ගැනීමට හැකිවන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

2022/23 යල කන්නයේ දී යුරියා පොහොර හා බන්ඩි ‍පොහොර බෙදා හැරීම සඳහා රජය විසින් රුපියල් බිලියන 6.5ක් වැය කර තිබේ. මෙවර යල කන්නයේ දී මඩපොහොර බෙදාහැරීම සඳහාද රුපියල් බිලියන 02ක් වැය කිරීමට සිදුවූ බව අමාත්‍යාංශය පවසයි.

Exit mobile version