Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවකගේ ජල සබඳතා විසන්ධි කිරීමට යයි

විදුලි බිල අඩු වෙනවා නම් අනිවාර්යෙන්ම ජල ගාස්තු අඩු කරනවා - ජීවන් තොන්ඩමන්

විදුලි බිල අඩු වෙනවා නම් අනිවාර්යෙන්ම ජල ගාස්තු අඩු කරනවා - ජීවන් තොන්ඩමන්

මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඔවුන්ගෙන් මණ්ඩලයට රුපියල් මිලියන 1600කට අධික මුදලක් අයවිය යුතු බවයි.
ඉන් 15000 කට එරෙහිව නඩු පැවරීමටද ජල සම්පාදන මණ්ඩලය මේ වනවිට සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
ඒ අතර ගෘහස්ථ පාරිභෝගිකයින්, ව්‍යාපාරික ස්ථාන මෙන්ම රාජ්‍ය ආයතනද වෙයි.

පසුගිය සැප්තැම්බර් මාසයේදී ජල ගාස්තු ඉහළ දැමිමත් සමග බිල්පත් ගෙවීම 40%ක් දක්වා අඩුවී තිබේ. පවතින තත්ත්වයත් සමග ජල සම්පාදන මණ්ඩලයට පාරිභෝගිකයින්ගෙන් අයවිය යුතු මුදල රුපියල් මිලියන 8400කට අධිකයි.

මෙවැනි තත්ත්වයක් යටතේ ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවකට මුහුණදී ඇති බවද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ප්‍රකාශ කළේ ය.

Exit mobile version